May 1, 2025

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

කොළඹ සිට පොළොන්නරුව අතර ගමන්ගන්නා පෞද්ගලික බස් රථ දෙකක් හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, මිණිහිරිගම ප්‍රදේශයේදී එලෙස අනතුරට ලක්ව තිබේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් හිඟුරක්ගොඩ සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇත.