May 1, 2025

ව්‍යාජ වීසා බලපත්‍ර භාවිත කරමින් පෝලන්තයට යෑමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අත්අඩංගුවට ගෙන තිබේ.

කටාර් හරහා පෝලන්තයට යෑමට උත්සාහ කළ මෙම පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව පොලිසිය පවසයි.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 31 සහ 38 යන වයස්වල පසුවන අතර දෙමෝදර සහ බෙලිගල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෙම පුද්ගලයන් දෙදෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.