
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවැසීය.
ඒ අනුව එම බස් රථ මගින් දෙලක්ෂ විසි එක් දහසක පමණ පිරිසක් ගාලු මුවදොරට පැමිණෙනු ඇති බවද හෙතෙම කීය.
එම බස් රථ කොළඹට පැමිණෙන විට බස් රථ ගාල්කිරීම සදහා කාන් වටරවුම, කොටුව දුම්රියපොළ ඉදිරිපිට, රීගල් සිනමා ශාලාව ඉදිරිපිට, පැරැණි මැනිං මාර්කට් වෙළෙදපොළ, ගාමිණී වටරවුම, බාලදක්ෂ මාවත, ගාලු මැද පාර, පැරැණි එම්.ඕ.ඩී. භූමිය, ගුවන් හමුදාව ඉදිරිපිට ප්‍රදේශය, චිත්තප්පලම් ගාර්ඩිනියා මාවත, කොල්ලුපිටිය හන්දිය, නෙළුම් කුළුණ අසල රථ ගාල් සූදානම් කර ඇති බව ද හෙතෙම සඳහන් කරයි.
කොළඹ නගරය තුළ රථවාහන හැසිරවීම සදහා රථවාහන නිලධාරීන් 850ක් පමණ යෙදවීමට කටයුතු සූදානම් කර ඇති අතර, ඊට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු 2000 කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් කොළඹට යොදවන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart