May 1, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිසියට මාරුකර ඇතැයි ‘ලංකාදීප’ය වාර්තා කරයි.

මැයි 1 වැනිදා සිට බලපවත්වන පරිදි පොලිස් මූලස්ථානය විසින් මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වසර 23ක් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කර ඇති අතර, රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධරයා ලෙස වසර 15ක් සේවය කර තිබෙන බවද වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.