
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටලන්ද කොමිෂන් සභා වාර්තාව නිල වශයෙන් නීතිපතිවරයා වෙත භාරදී ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
එම වාර්තාව මාර්තු 14 වැනි දින සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එහිදී අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේ අවශ්‍ය ඉදිරි පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකරන බවයි.
එම වාර්තාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ කමිටුවක් පත්කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව යළිත් කරළියට පැමිණියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් දා අල්-ජසීරා පුවත් සේවය සමග සිදු කළ ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවෙන් අනතුරුවය.
එහිදී තමාට එරෙහිව එල්ල වූ චෝදනාවලට පිළිතුරු දෙමින්, හිටපු ජනාධිපතිවරයා බටලන්ද කොමිෂන් වාර්තාවේ කරුණු ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, එය දේශපාලන අරමුණක් මත ඉදිරිපත් කර ඇති බවයි.
එමෙන්ම තමන්ව අපකීර්තියට පත්කිරීමේ අරමුණින් කොමිසම ස්ථාපිත කළ නමුත් එහි අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වූ බව ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart