
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කළේය.
එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 26 දෙනකු මියගිය අතර ඒ හේතුවෙන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා බරපතල ලෙස බිඳවැටී තිබේ.
වසර ගණනාවකට පසුව අප්‍රේල් 22 වැනිදා සිවිල් වැසියන්ට එල්ල වූ දරුණුතම ප්‍රහාරයට පාකිස්තානයට සහාය දුන් බවට ඉන්දියාව චෝදනා කරයි.
පාකිස්තානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.
කෙසේවෙතත් රොයිටර් පුවත් සේවය සමග ඉස්ලාමාබාද්හි පිහිටි කාර්යාලයේදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය ඛවාජා මුහම්මද් අසීෆ් පැවසුවේ “අපි අපේ හමුදාවන් ශක්තිමත් කර තිබෙන්නේ ඉන්දීය ප්‍රහාරයක් අතළඟ නිසා. ඒ නිසා එම තත්ත්වය තුළ යම් උපායමාර්ගික තීරණ ගත යුතු නිසා එවැනි තීරණ ගෙන තිබෙනවා” යනුවෙනි.
ඉන්දීය ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පාකිස්ථාන හමුදාව රජය දැනුවත් කර ඇති බව ද අසීෆ් පැවසීය.
කෙසේවෙතත් ආක්‍රමණයක් අතළඟ යැයි සිතීමට හේතු වූ කරුණු පිළිබඳව ඔහු වැඩිදුර විස්තර ඉදිරිපත් කර නොමැත.
මේ සම්බන්ධයෙන් පාකිස්තානය දැඩි අවධානයෙන් සිටින බවත්, පැවැත්මට සෘජු තර්ජනයක් තිබේ නම් පමණක් සිය න්‍යෂ්ටික අවි ගබඩාව භාවිත කරන බවත් අමාත්‍යවරයා පවසා තිබේ.
මේ අතර මේ අතර පාකිස්ථාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ඊයේ රාත්‍රියේ සිට ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන් කලාපය වසාදමා ඇති බව නිවේදනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart