
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නැවත බලයට පත්වුවහොත් විදේශීය සිසුන් සඳහා වීසා ගාස්තු ඕස්ට්‍රේලියානු ඩොලර් 2,000 දක්වා ඉහළ නංවන බව ඕස්ට්‍රේලියාවේ පාලක කම්කරු පක්ෂය පවසයි.
එය ඕ ස්ට්‍රේලියාවට සිදුකරන විදේශිකයින්ගේ සංක්‍රමණවල ප්‍රධාන මූලාශ්‍රයක් වන ලාභදායී අධ්‍යාපන ක්ෂේත්‍රය ඉලක්ක කරගත් නවතම පියවරයි.
දැනට ඕස්ට්‍රේලියානු ඩොලර් 1,600 පවතින වීසා ගාස්තු වැඩිවීම ඉදිරි වසර හතර තුළ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 760ක් ගෙන එනු ඇති බව ඕස්ට්‍රේලියාවේ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් සහ මුදල් ඇමති Katy Gallagher ෆෙඩරල් මැතිවරණය සඳහා කම්කරු ප්‍රතිපත්ති වියදම් පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියහ.
“අපි හිතන්නේ එය ඕස්ට්‍රේලියාවේ මෙහි අධ්‍යාපනය ලැබීමේ වටිනාකම සැබවින්ම අගය කරන සංවේදී මිනුමක් බවයි,” Gallagher ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
රජය පසුගිය වසරේ ජූලි මාසයේදී ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සඳහා ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 710 සිට ඔස්ට්‍රේලියානු ඩොලර් 1,600 දක්වා දෙගුණයකටත් වඩා වැඩි කළේය.
ඕස්ට්‍රේලියාවේ විපක්ෂය වන ලිබරල් පක්ෂය දැනටමත් වීසා ගාස්තුව අවම වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 2,500 දක්වා ඉහළ නැංවීමට ප්‍රතිඥා දී ඇති අතර අටදෙනාගේ කණ්ඩායම ලෙස හැඳින්වෙන රටේ ඉහළම විශ්ව විද්‍යාල සඳහා අයැදුම්කරුවන් වෙනුවෙන් අයකෙරෙන ගාස්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් 5,000ක් වනු ඇත.
2025 පෙබරවාරි මාසයේදී විදේශීය සිසුන් 200,000 කට ආසන්න සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බව රජයේ සංඛ්‍යාලේඛන පෙන්වාදෙයි.
එම සංඛ්‍යාව පෙර වසරට වඩා 12.1% ක වැඩිවීමක් සහ 2019 පෙබරවාරි මාසයට වඩා 7.3% වැඩි වීමක් බව සඳහන් වේ.
විදේශීය සිසුන් ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සඳහා ප්‍රධාන ආදායම් මූලාශ්‍රයක් ලෙස සැළකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart