
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුද්ගලයන් 26 දෙනකුට මරු කැඳවමින් ඉන්දියාවේ කාශ්මීර් හි පහල්ගම් ප්‍රදේශය ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු ජම්මු සහ කාශ්මීරයේ බණ්ඩිපෝරා හිදී ඉන්දීය ආරක්ෂක හමුදාව සහ පාකිස්තානයේ ක්‍රියාත්මක ලෂ්කාර්-ඊ-ටයිබා සන්නද්ධ කණ්ඩායම අතර ගැටුම් හට ගෙන තිබේ.
එහිදී එම සන්නද්ධ කණ්ඩායමේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියකු ලෙස සැළකෙන අල්තාෆ් ලාලි නමැත්තා ගැටුම්වලදී මියගොස් ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
පහල්ගම් වෙත එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව එම සන්නද්ධකරුවන් ඉලක්ක කර පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, සන්නද්ධ නායකයා මියගොස් ඇත්තේ එම මෙහෙයුමට සමගාමීව එල්ල කළ ප්රහාරයකදීයි.
නිශ්චිත බුද්ධි තොරතුරු මත ක්‍රියාකරමින්, ඉන්දීය හමුදාව සහ ජම්මු කාශ්මීර පොලිසිය අද උදෑසන බණ්ඩිපෝරා හි ඒකාබද්ධ මෙහෙයුමක් දියත්කර තිබිණි.
එහිදී ඉන්දීය හමුදාව ත්රස්තවාදීන්ගේ ඉලක්ක කිහිපයක් හඳුනාගෙන ඉන් අනතුරුව වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.
ගැටුමේ මූළික අදියරේදී එක් ත්‍රස්තවාදියකු තුවාල ලබා ඇති බව මීට පෙර වාර්තා විය.
මෙහෙයුම්වලදී ඉන්දීය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇතැයි සඳහන් වේ.
මේ අතර ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි ද ශ්‍රීනගර් වෙත පැමිණි අතර, බණ්ඩිපෝරා ගැටුම පිළිබඳව ඔහු මෙහෙයුම් ප්‍රධානීන් සමග සාකච්ඡාවක ද නිරතව ඇත.
මේ අතර ඊයේ උදෑසන ඉන්දීය ආරක්ෂක හමුදා සහ ජම්මු කාශ්මීර ආරක්ෂක අංශ එක්ව පහලගම් ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන ත්රස්තවාදීන් දෙදෙනෙකුගේ නිවාස කඩා බිඳ දමා ඇතැයි ද වාර්තා වේ.
එහිදී ලෂ්කර් ත්‍රස්තවාදී ආදිල් හුසේන් තෝකර්ගේ බිජ්බෙහාරා හි පිහිටි නිවස පුපුරුවා හැර ඇති අතර ට්රාල්හි අසීෆ් ෂෙයික්ගේ නිවස බුල්ඩෝසරයකින් කඩා දමා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart