
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගංජා අපනයනය හරහා විදේශ විනිමය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මේ වන විට වෙළඳපොළ ගවේෂණය කරමින් සිටින බව වාර්තාවේ.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් ප්‍රකාශ කරන්නේ “විභව වෙළඳපල මොනවාදැයි සොයා බැලීමට අධ්‍යයනයක් කරමින් සිටිමු.” යනුවෙනි.
ආයෝජන මණ්ඩලය හැර ගංජා අපනයනය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන කණ්ඩායම් ගණනාවක් සිටින බවද ඔහු පවසයි.
“අපි තවමත් ආරම්භක අවධියේ සිටින අතර ප්‍රභේද සහ නිෂ්පාදන නිරීක්ෂණය කරමින් සිටිනවා. අපි ගංජා නිෂ්පාදන අපනයනය කරන්නේ නම්, එයද අගය එකතු ක්‍රියාවලියක් බවට පත්වෙනවා” යැයි සභාපතිවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකාව මූලික අදියරේදී අගය එකතු කළ නිෂ්පාදන අපනයනය නොකරන නමුත් අනාගතයේදී එවැනි නිෂ්පාදන අපනයනය කිරීමට බලාපොරොත්තු වන බව ආචාර්ය බර්නාඩ් වැඩිදුරටත් පවසයි.
(themorning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart