
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශේෂඥ වෛද්‍යවරුන් 375කට අධික සංඛ්‍යාවක් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දහස් ගණනක් විදේශයන් වෙත සංක්‍රමණය වීම සහ ඖෂධ හිඟය හේතුවෙන් බොහෝ රෝහල්වල වැඩකටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වෛද්‍යවරු පවසති.
එසේම විශේෂඥ වෛද්‍යවරුන් වීම වෙනුවෙන් පුහුණුව ලබාගැනීමට විදේශතව සිටින වෛද්‍යවරුන්ගෙන් සියයට 50ක පමණ පිරිසක්ද ආපසු මෙරටට නොඑන බවද දන්වා ඇතැයි වාර්තා වේ.
මෙම හේතුව මත මේ වන විට කිලිනොච්චිය, අනුරාධපුරය, තංගල්ල, හම්බන්තොට, මුලතිව් සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශවල රෝහල්වලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, එම රෝහල්වලින් ලබාදෙන සායන ඇතුළු පහසුකම් රැසක් ඇණහිට ඇත.
මේ නිසා නුදුරු අනාගතයේදීම ඇතැම් රෝහල් වසා දැමීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පෙන්වාදෙයි.
වෛද්‍යවරුන් 1000-1500ක් පමණ රට හැර ගොස් ඇති අතර රටින් පිටව ගොස් ඇති හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සංඛ්‍යාව පිළිබඳව කිසිවකුට හෝ අදහසක් නොමැති බවද ඔහු පැවසීය.
(island.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart