
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආයතන කිහිපයක්ම ලාභ ලබන ආයතන බවට පත් කිරීමට සිදුවන බැවින්, ආයතන කිහිපයක් ජනාධිපතිවරයා යටතට පත් කළ, පසුගිය බදාදා රාත්‍රියේ නිකුත් කළ ගැසට් නිවේදන හා සමාන තවත් ගැසට් නිවේදන ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේය.
“තවත් ආයතන රජයේ පාලනයෙන් ඉවත්කර වඩා ලාභ ලබන ආයතන බවට පත් කිරීමට සිදුවෙනවා. තවත් රාජ්‍ය ආයතන වඩාත් කාර්යක්ෂම කිරීමට සිදුවෙනවා. වැඩි වැටුප් ගෙවිය හැකි ආයතන බවට පත්වීමට එම ආයතනවලට හැකි විය යුතුයි.” මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී පැවසීය.
“මාර්ග සංවර්ධන අධිකාරිය වැඩි ලාභ ලබන්න නම් සමාගම් කිහිපයක් යටතේ තිබිය යුතුයි” මන්ත්‍රීවරයා උදාහරණයක් ගෙනහැර දක්වමින් පැවසීය.
ජනාධිපතිවරයාට ස්ථාවරත්වය ගෙන ඒම සඳහා ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවද ඔහු පැවසීය.
“ජාතික ප්‍රතිපත්ති සැකසීම සඳහා සියලු පක්ෂවල එකමුතු සහය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා තිබෙනවා.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart