
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාරියපොළ ප්‍රදේශයේදී පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක කළ ප්‍රකාශ සත්‍ය නොවන බව හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
එමෙන්ම අමාත්‍යවරයා ගුවන් හමුදාවෙන් සමාව ගත යුතු බව ද ඔහු අවධාරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ, සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ පසුගියදා ගුවන් හමුදාවට අයත් ගුවන් යානය කඩා වැටීමට හේතුව නියමුවන්ගේ දෝෂයක් බවයි.
මෙය සම්පූර්ණ අසත්‍යයක් බව ද හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසා තිබේ.
”එවැනි අවස්ථාවක ගුවන් යානයක් කඩාවැටීමක් ගැන සොයාබැලීමට අධිකරණ පරීක්ෂණයක් කළ යුතුයි. ගුවන් නියමුවන් අනතුරකින් බේරෙන්නේ නම් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත යුතුයි. අනතුරුව විමර්ශන වාර්තාව ගුවන් හමුදාපතිවරයා වෙත භාරදෙනවා. පසුව එය ආරක්ෂක අමාත්‍යාංශයට භාරදිය යුතුයි. නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කළ යුතු වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයයි. ඒ අනුව ගුවන් සේවා ඇමැතිවරයා කළ ප්‍රකාශය අදාළ වෙන්නේ නැහැ. එබැවින් අසත්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවා අමාත්‍යවරයා ගුවන් හමුදාවෙන් සමාව ගත යුතුයි” යනුවෙන් හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart