March 27, 2025

හොරණ – රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

ලොරි රථ රියදුරු ඇතුළු බරපතල තුවාල ලැබූ පුද්ගලයන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට මාරුකර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.