
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බොක්සිං හෙවිවේට් ක්රීඩක ජෝර්ජ් ෆෝමන් මිය ගිය බව ඔහුගේ පවුලේ අය නිවේදනය කර තිබේ.
බොක්සිං වළල්ලේ ‘බිග් ජෝර්ජ්’ ලෙස හැඳින්වෙන ෆෝමන් මිය යනවිට වයස අවුරුදු 76ක් විය.
1960 ගණන්වල සිට දශක ගණනාවක් ඔහු තරඟ කළ අතර, ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් සහ දෙවරක් ලෝක හෙවිවේට් ශූරතාව ඇතුළුව බොහෝ ශූරතා පටි දිනා තිබේ.
ඔහුගේ පළමු වෘත්තීය පරාජය මුහම්මද් අලි සමග 1974 දී සුප්රසිද්ධ සටනකදී වාර්තා විය.
අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ අය Instagram හි පළ කළ නිවේදනයක සඳහන් වූයේ “අපේ හදවත් බිඳී ඇත,” යනුවෙනි.
භක්තිමත් දේශකයෙක්, කැපවූ ස්වාමිපුරුෂයෙක්, ආදරණීය පියෙක් සහ ආඩම්බර සීයා කෙනෙකු සහ මී මුත්තකු වූ ඔහු නොසැලෙන ඇදහිල්ලෙන්, නිහතමානීව සහ අරමුණෙන් සුවිශේෂී ජීවිතයක් ගත කළේය.
ඔහුගේ නම ක්රීඩා ජීවිතයේ ප්රසිද්ධ වූ අතර, ඔහුගේ ග්රිල් නිෂ්පාදන සම්බන්ධයෙන් ද ‘ජෝර්ජ් ෆෝර්මන් ග්රිල්’ ලෙස ප්රසිද්ධ විය.
එම ග්රිල් නිෂ්පාදනය 1994 දී වෙළඳපොළට පැමිණි දා සිට දශක ගණනාවක් පුරා මිලියන ගණනක් මිලදී ගෙන ඇත.
ෆෝර්මන්ට දරුවන් 12 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ඔහු ‘ජෝර්ජ්’ යන නම තබා තිබේ.
ඔවුන්ට සැමවිටම පොදු දෙයක් තිබීම පිණිස ඔහු ඔවුන්ට ඔහුගේ නමින් නම් කළ බව ජෝර්ජ් තම වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
“මම ඔවුන්ට කියනවා, ‘අපෙන් කෙනෙක් ඉහළට ගියොත්, අපි හැමෝම එකට ඉහළට යනවා,එක් කෙනෙක් පහළට ගියොත්, අපි හැමෝම එකට පහළට යනවා!” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart