
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුඛෝපභෝගී සංචාරක සඟරාවක් වන Condé Nast Traveler ට අනුව, 2025 සඳහා ලොව පවුල් සඳහා සංචාරය කිරීමට වඩාත්ම හිතකාමී රට ශ්‍රී ලංකාව බව අනාවරණය වී තිබේ.
Condé Nast Traveler විසින් නිකුත්කරන ලද නව වාර්තාවක් මගින්, 2025 දී පවුල් වෙනුවෙන් හොඳම රට ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳවා ඇත.
“ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ මෙතරම් ඉහළින් ශ්‍රේණිගත කිරීම පුදුමයක් නොවේ – ඇත්ත වශයෙන්ම, එහි පිළිගැනීමේ ස්වභාවය, එළිමහන් ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමුකිරීම සහ පවුල්-හිතකාමී ශ්‍රී ලාංකික හෝටල් හේතුවෙන්, 2025 දී පවුල් වශයෙන් මෙගා ට්‍රිප් සඳහා යාමට අපගේ ප්‍රියතම ස්ථානවලින් එකක් ලෙස අපි ශ්‍රී ලංකාව නම් කළෙමු.
මෙම රට ඇදහිය නොහැකි වනජීවීන්ට නිවහනක් වන අතර, විශාල ජාතික වනෝද්‍යාන සහ පුළුල් වෙරළ තීරයන් මෙන්ම සිත් ඇදගන්නාසුළු ඉතිහාසයක්, නිර්මාණාත්මක වෙරළ තීරයන්, රසවත් ආහාර සහ විශිෂ්ට සාප්පු සවාරි ද ඇත,” ශ්‍රී ලංකාව විස්තර කරමින් කොන්ඩේ නාස්ට් ට්‍රැවලර් පවසයි.
2025 දී වඩාත්ම පවුල් – හිතකාමී රටවල් වන්නේ;
1. ශ්‍රී ලංකාව
2. ස්වීඩනය
3. නෝර්වේ
4. නිව්සීලන්තය
5. අයිස්ලන්තය
6. ජර්මනිය
7. ෆින්ලන්තය
8. ඩෙන්මාර්කය
9. ඕස්ට්‍රේලියාව
10. ඇමරිකා එක්සත් ජනපදය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart