
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උණ්ඩ සහිත ගිනි අවියක් සමඟ ගුවන් යානයකට ගොඩ වූ බාලවයස්කරවෙක් අත්අඩංගුවට ගත් බව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා හි පොලිසිය පවසයි.
මෙල්බර්න් සිට කිලෝමීටර් 60ක් පමණ දුරින් පිහිටි ඇවලෝන් ගුවන්තොටුපළේදී සිදු වූ සිදුවීමෙන් පසු සැකකාර 17 බාලවයස්කරුව ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සහ මගීන් විසින් පාලනය කර රඳවා තබාගත් බව ද පොලිසිය සඳහන් කරයි.
සිදුවීම වාර්තාවන ජෙට්ස්ටාර් එයාර්වේස් ගුවන් යානය තුළ එම අවස්ථාවේදී සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 160 දෙනාගෙන් කිසිවකුට හානියක් සිදුවී නොමැත.
ගුවන් යානයක් ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීම අනතුරේ හෙළීම සහ ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම ඇතුළු වැරදි අටක් සම්බන්ධයෙන් පොලිසිය තරුණයාට චෝදනා ගොනුකර තිබේ.
සැකකරුව අද බාලවයස්කරුවන් සඳහා වන උසාවියකට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඔහු විසින් දේශීයව නිපදවූ පුපුරන ද්‍රව්‍යයක් අටවා මගීන්ට සහ කාර්ය මණ්ඩලයට තර්ජනය කළ බවට පොලිසිය චෝදනා එල්ල කළ බව ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය ඇසින් දුටු ගුවන් යානයේ සිටි මගීන් පවසා ඇත්තේ, යෞවනයා ගුවන් තොටුපළ හෝ ගුවන් යානා නඩත්තු සේවකයෙකු ලෙස පෙනීසීටීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබූ බවයි.
ගුවන් සේවිකාවක් ඔහුගෙන් ප්‍රශ්න කළ විට ඔහු සතු ගිනිඅවිය මගීන් දැක තිබේ.
අනතුරුව බැරී ක්ලාක් නමැත්තා ක්‍රියාත්මක වී ආයුධය ආරක්ෂිතව අල්ලා ගැනීමට උත්සාහ කර ඉක්මණින්ම ගුවන් නියමුවකු සමඟ සම්බන්ධ වී පොලීසිය කැඳවා ඇත.
සිද්ධියෙන් අනතුරුව නැවත දැනුම්දෙන තුරු ගුවන් තොටුපොළ වසාදමා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart