
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා සහ අනෙකුත් ආබාධිත පුද්ගලයන්ට තමන් කළ ප්‍රකාශයක් තුළින් අපහාසයක් සිදු වූ බව හැඟුණේ නම්, සමාවන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉල්ලා සිටියේය.
“මම පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා හෝ ආබාධිත පුද්ගලයන්ට අපහාස කිරීමට අදහස් කළේ නැහැ. බලධාරීන් විසින් ජනතාව කුපිත කිරීමට ගත් පියවරට විරුද්ධ වීමට මම මන්ත්‍රීවරයා සහ ආබාධිත පුද්ගලයන් ගැන සඳහන් කළා. මම දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා සමඟ අදහස් හුවමාරු කරගෙන මගේ ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා,” යැයි දයාසිරි ජයසේකර පැවසීය.
“පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා විශ්ව විද්‍යාලයේ මගේ සගයෙක්, ඔහු මගේ ගායන කුසලතා රසවිඳ තිබෙනවා” යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර සිය ෆේස්බුක් පිටුවේද සටහනක් තබා ඇත.
එම සටහන් පහතින් දැක්වේ;
🔘 සිත් තැළුණු සියල්ලනි, මට සමාවන්න.
* මාගේ ප්‍රකාශයෙන් සිත් තැළූණු සියලුම දෙනාගෙන් කොන්දේසි විරහිතව මා සමාව ඉල්ලා සිටිමි.
* එක් රැයකින් රටවල් හැදුනේ නැත. අපේ රටේ මිලියන 22ක ජනතාව මේ දක්වා අත්විඳි සියලුම කඩාවැටීම්වලට වගකිව යුතු දේශපාලකයින්ම සියලු ශ්‍රී ලාංකිකයෝ භුක්ති විඳිමින් සිටින බොහෝ රාජ්‍ය හා රාජ්‍ය නොවන සේවාවන් සහ වරප්රසාදවලටද වගකියන්නෝ වෙති.
සැපයක් යැයි 76 වසරකට වෛර කරන්නෝ ඒ සියල්ලටම වෛර කරන්නෝ වෙති.
නිදහස් සෞඛ්‍ය, ආබාධ තිබුණත් ඉහළටම යන්න බාධාවක් නොවන නිදහස් අධ්‍යාපනය, ඉඳහිට බාධා ඇතිවුණත් මේ මට්ටමින් හෝ පවතින විදුලිය, ජලය, ප්‍රවාහනය සහ යටිතල පහසුකම් සහ තවත් සර්ව සම්පූර්ණ නොවුන බොහෝ පහසුකම් සහ ජයග්‍රහණ අවතක්සේරු කිරීමේ බොරුව විශ්වාස කළ හැක්කේ කෙසේද ?
76 වසරක් තිස්සේ බිඳෙන් බිඳ පියවරෙන් පියවර පුරවැසියන්ගේ කැපකිරීම් මතින්ම ගොඩ නගාගත් සම්පත් සහ සේවාවන් භුක්තිවිඳිමින් ඒ දේවල්වලටම වෛර කිරීම පුරවැසියන්ගේ සංස්කෘතිය විය යුතුද ?
ඔබේ දරුවන් ලොකුමහත් විය යුත්තේ අද පාරට බැස්සම සමාජයේ ඇති වෛරී පරිසරයේද ?
ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රතිප්‍රහාරය ශිෂ්ට විය යුතු නැති බව වැඩිහිටි ලාංකිකයින් දරු මුණුපුරු ලාංකිකයින්ට දෙන ගුණයහපත්කමද ?
නැත.
දේශපාලකයින්ගේ වැරදි නීතිය හමුවට ගෙන ආ යුතුය.
නීතියෙන් වැරදි නම් දඬුවම්ද ලැබිය යුතුය.
ඒත් ඔවුන්ට මට්ටු කිරීමට රටක සමාජ ආකල්පය පාවිච්චි නොකළ යුතුය.
බාල මහලු දුප්පත් පෝසත් උගත් නූගත් ආබාධිත ආබාධ නැති සියල්ලන්වම, දේශපාලන ජයග්‍රහණ සහ බලය අත්පත්කර ගැනීම වෙනුවෙන් නිර්මාණය කළ සමාජ වෛර ප්‍රචාරණ ව්‍යාපෘතියේ කොටස්කරුවන් කරගැනීම තිබුණු තැනටත් වඩා පහත් තැනකට සමාජය ඇද දැමීමකි.
මා ඒ කතාවෙන් පැහැදිලි කිරීමට උත්සහ කළේ ඒ කාරණාවයි.
එහෙත් ඒ වැදගත්ම දේ යටපත් කරමින් මතු වූ සිත්රිදවීම ගැන මා කණගාටු වෙමි.
ආබාධත ප්‍රජාව වෙනුවෙන් මගේ සිතේ ඇති සහකම්පනය සහ මා ඔවුන් වෙනුවෙන් කළ කී දෑ ගැන මා මෙහි නොකියමි.
ස්තූතියි.
#DayasiriJayasekara
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart