
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂීඩ් ඛාන් පරදවමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයට පත්ව තිබේ.
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේදී පන්දුවාර 12.5කදී කඩුලු 4ක් දවාලීමට මහීෂ් තීක්ෂණ සමත්විය.
නවතම ICC ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීම් අනුව තීක්ෂණ ශ්‍රේණිගත කිරීමේ ලකුණු 680ක් ලබාගනිමින් පළමු ස්ථානයට පැමිණ ඇති අතර රෂීඩ් ශ්‍රේණිගත කිරීම් ලකුණු 669ක් ලබාගනිමින් දෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබේ.
කෙසේවෙතත්, රෂීඩ්ගේ ඇෆ්ගනිස්ථානය ඇතුළු තවත් කණ්ඩායම් අටක් ICC ශූරයන්ගේ කුසලානයට සම්බන්ධවීම සහ ඉදිරි සති තුන සඳහා ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ක්‍රීඩා නොකිරීම නිසා තීක්ෂණට වැඩි කාලයක් අංක එකේ ස්ථානයේ රැඳී සිටීමට අපහසු වනු ඇතැයි පැවැසේ.
ශ්‍රී ලංකාවට ලබන මාර්තු 9 දක්වා එක්දින තරග නොමැති අතර, එම කාලය තුලදී රෂීඩ් ශූරයින්ගේ කුසලානයේ අවම වශයෙන් තරඟ තුනකට ක්‍රීඩාකරනු ඇත.
එමඟින් පන්දු යවන්නන් සඳහා වන ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානය නැවත ලබාගැනීමට ඔහුට නැවත අවස්ථාව හිමිවේ.
මේ අතර, ඉන්දියාවේ කුල්දීප් යාදව් ද ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියෙන් සිටින තරඟකරුවකු වන අතර ඔහු මේ වන විට ශ්‍රේණිගත කිරීම් ලකුණු 652 ක් ලබා සිව්වැනි ස්ථානයේ රැඳීසිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart