February 15, 2025

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කිරීම සඳහා නව වැඩසටහනක් දියත්කර තිබේ.

තම බල ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම, වෙඩිතැබීම් සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන් වගකිව යුතු බව අමාත්‍ය ආනන්ද විජේපාල අවධාරණය කරයි.

මෙම රාජකාරි ඉටුකිරීම සහතික කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ කාර්ය සාධනය මාසිකව සමාලෝචනය කරනු ඇත.

ප්‍රජාව සමඟ ධනාත්මක සබඳතා ගොඩනඟා ගැනීම සහ සාමය පවත්වා ගැනීම සඳහා ද පොලිස් ස්ථානාධිපතිවරු වගකිව යුතුය.

මෙම රාජකාරි පැහැරහරින හෝ සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධ වන ඕනෑම පොලිස් ස්ථානාධිපතිවරයකුට එරෙහිව දැඩි පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

නීතිගරුක සහ ප්‍රජා හිතකාමී පොලිස් සේවාවක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින බව ඔහු පවසයි.