
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවති පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්ව තිබේ.
එම තරගය ඉනිමකින් සහ ලකුණු 242කින් ඕස්ට්‍රෙලියාව ගන්නා ලදි.
මෙම තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේදි ජේෆ්රි වැන්ඩසේ මංගල ටෙස්ට් අර්ධ ශතකය රැස්කල අතර ඔහු ඕනැම ආකාරයේ ජාත්‍යන්තර තරගයකදි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 50ට වැඩියෙන් රැස්කළ පළමු අවස්ථාව ලෙස සනිටුහන් වුනි.
ඕස්ට්‍රෙලියාව කඩුලු 06ක් බිද වැටි ලකුණු 654ක් ලබා සිටියදි පළමු ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට අවස්ථාව ලබා දෙන ලදි.
ද්විත්ව ශතකයක් ලබා ගත් උස්මාන් කවාජා ලකුණු 232ක් සහ ස්ටිව් ස්මිත් ලකුණු 141ක් රැස්කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 165කට සීමා වෙද්දි දෙවන ඉනිමද ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියාව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවස්ථාව ලබා දුන් නමුත් ඔවුන් සියලු දෙනා ලකුණු 247ට දැවිගියේ ඉනිමක සහ ලකුණු 242ක පරාජයකට ලක්වෙමිනි.
ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ඕස්ට්‍රේලියාව එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart