
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 1,000කට වඩා පැරණි රාජකීය තේජස සහ චාරිත්‍ර වාරිත්‍රවලින් පිරී ඉතිරී ගිය උත්සවයකදී III වන චාල්ස් රජු අද(06) පස්වරුවේ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී කිරුළු පැළඳීය.
ශාන්ත එඩ්වඩ් විසින් පැළඳි ඔටුන්න, III චාල්ස් රජුගේ හිස මත තබන ලද්දේ කැන්ටබරි අගරදගුරුවරයා විසිනි.
සෙබළුන් 400ක් සහභාගි වූ වෙඩි උත්තමාචාරයක් ශාන්ත එඩ්වඩ්ගේ කිරුළ රජුගේ හිස මත තැබූ අවස්ථාව සනිටුහන් කළේය.
ඊට සමගාමීව එඩින්බරෝ, කාඩිෆ් සහ බෙල්ෆාස්ට් ඇතුළුව, එක්සත් රාජධානිය වටා ස්ථාන 11 කදී සහ මුහුදේදී රාජකීය නාවික හමුදාව විසින්ද වෙඩි වට 21 ක් එල්ල කරන ලදී.
බ්‍රිතාන්‍යයේ අවසන් රාජාභිෂේකය සිදු වූයේ මීට වසර 70 කට පමණ පෙර දිවංගත දෙවන එලිසබෙත් රැජණගේ ය. 1953 දී ඔහුගේ මව වූ එළිසබෙත් රැජණ කිරුළු පළඳවන විට තුන්වන චාල්ස් රජුගේ වයස අවුරුදු හතරකි.
රැජිනගේ රාජාභිෂේක උත්සවයද 1953 ජුනි 02වැනි දින වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී පැවැත්විණි. වෙස්ට්මිනිස්ටර් ඇබේ 1066 සිට සෑම කිරීටයක් සඳහාම පසුබිම වී ඇත.
මෙවර චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති උත්සවයට අමුත්තෝ 8,000 කට අධික පිරිසක් සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart