
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අතුරුගිරිය පච්ච කෙටීමේ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට බන්ධනාගාරගතව සිටි 8 දෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇප මත මුදා හැරීමට හෝමාගම මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂාදීන් අද නියම කළේය.
සැකකරුවන් 8 දෙනාගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, සැකකරුවන් 8 දෙනා අතුරුගිරිය පොලිසියේ සෑම සතියකම අත්සන් කළ යුතු බවටත් දැඩි ඇප කොන්දේසි පනවා ඇති බවටත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
පසුගිය ජුලි 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ පච්ච කෙටීමේ මධ්‍යස්ථානයකදී වෙඩි තැබීමකින් මියගිය විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේරත්න සහ රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart