December 10, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්කර ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පස්වරුවේ පිරිනැමිණි.