
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය බිරියට එරෙහිව සැමියකු විසින් කළ පැමිණිල්ලක් දෙපාර්ශ්වය කැඳවා පෙරේදා (26) විභාග කිරීමට සූදානම් වූ අවස්ථාවේදී මාවනැල්ල පොලිසියේදී සැමියා විසින් බිරියගේ ගෙළ සහ කට තියුණු ආයුධයකින් කපා තුවාල කර ඇත.
සැමියා විසින් සඟවාගෙන ආ පේපර් කටරයකින් සිදුකළ එම පහරදීමෙන් කැපුම් තුවාල ලැබූ 21 හැවිරිදි බිරිය මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගෙන 39 හැවිරිදි සැමියාව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ මාවනැල්ලේ පදිංචි එක්දරු මවකි.
මෙම තරුණ බිරියව සැමියා විසින් බාහිර පාර්ශ්වයන්ට කාලයක සිට මුදලට අලෙවිකර ඇති බව ද මෙහි දී පොලිසියට අනාවරණය වී තිබේ.
පසුගිය 24 වැනි දින දෙදෙනා අතර මේ හා සම්බන්ධ ගැටලුවක් මුල්කරගෙන බහින්බස් වීමක් සිදු වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබී ඇත.
මෙයට පෙරද බිරිය විසින් සැමියාට එරෙහිව පැමිණිල්ලක් කර තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවා සිදුකර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
සැමියා විසින් බිරියගේ නිරුවත් ඡායාරූප ජංගම දුරකථනයේ තබාගෙන බිරියව බිය ගන්වමින් විවිධ පුද්ගලයන්ට අලෙවිකර ඇති බවද පොලිසියට තොරතුරු ලැබී තිබේ.
ඒ ගැන විමර්ශනයක් පවා සිදුවූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර තිබේ.
එම අවස්ථාවේ කඩදාසි කපන කටර් තලයක් හොර රහසේ සඟවා පොලිසියට පැමිණි සැමියා විසින් බිරියගේ මුඛ ප්රදේශයේ සහ ගෙල ප්රදේශයේ කැපුම් තුවාල කිහිපයක් සිදුකර තිබේ.
මාවනැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart