
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සංගීතවේදියකු වන ඒ.ආර්.රහ්මාන් ඔහුගේ බිරිඳ සයිරා බානු විවාහයෙන් දශක තුනකට ආසන්න කාලයකින් පසු දික්කසාදය ප්‍රකාශ කර තිබේ.
සයිරාගේ නීතිඥ වන්දනා ෂා එම යුවළ වෙන්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කළාය.
ඒ.ආර්. රහමන් 1995 දී සයිරා බානු සමඟ විවාහ විය.
ඔවුන් කතිජා, රහීමා සහ අමීන් නමැති දරුවන් තිදෙනකුගේ මව්පියන් වේ.
“සයිරා මහත්මිය සහ ඇගේ සැමියා වන සුප්‍රසිද්ධ සංගීතඥ අල්ලාරක්කා රහ්මාන් (A.R. Rahman) වෙනුවෙන් සහ ඔවුන්ගේ උපදෙස් මත එම යුවළ වෙන්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් පහත ප්‍රකාශය නිකුත් කරයි.” යනුවෙන් නීතිඥ වන්දනා ෂා එම දික්කසාදය ප්‍රකාශයට පත්කර ඇත.
”විවාහයෙන් වසර ගණනාවකට පසු සයිරා මහත්මිය සහ ඇයගේ සැමියා වන ඒ.ආර්. රහ්මාන් මහතා එකිනෙකාගෙන් වෙන්වීමේ අසීරු තීරණය ගෙන ඇත. මෙම තීරණය පැමිණෙන්නේ ඔවුන්ගේ සම්බන්ධතාවයේ සැලකිය යුතු චිත්තවේගීය ආතතියකින් පසුවය. ඔවුනොවුන් කෙරෙහි ගැඹුරු ආදරයක් පැවතියද, මෙම යුවල සොයාගෙන ඇත්තේ ආතතීන් සහ දුෂ්කරතා ඔවුන් අතර ඇති කළ නොහැකි පරතරයක් බවත්, එය මේ අවස්ථාවේ කිසිදු පාර්ශ්වයකටවත් පියවා ගැනීමට නොහැකි බවකි.” යනුවෙන් අදාළ ප්‍රකාශයේ සඳහන් වේ.
”සයිරා මහත්මිය සහ ඇගේ සැමියා A R. රහ්මාන් මහතා මෙම අභියෝගාත්මක කාලය තුළ මහජනතාවගෙන් පෞද්ගලිකත්වය සහ අවබෝධය ඉල්ලා සිටින්නේ ඔවුන් තම ජීවිතයේ මෙම දුෂ්කර පරිච්ඡේදය ගත කරන බැවිනි” යනුවෙන් ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart