
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 පාර්ලිමේන්තුව මැතිවරණයට අදාළව අද දිනයේදී දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රකාශිත ඡන්දවල සමස්ථ ප්‍රතිශතය 65% ක් පමණ වන බව වාර්තා වේ.
එමෙන්ම දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රකාශිත ඡන්දවල ප්‍රතිශත ද මේ වනවිට නිකුත් කෙරෙමින් තිබේ.
මේ වනවිට වාර්තා වන පරිදි වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් වේ.
එම ප්‍රතිශතය 69% කි.
ඊට අමතරව නුවරඑළිය 68% ක්, මාතලේ 67% ක්, බදුල්ල 67% ක් ලෙස ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වේ.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා වන්නේ 65% ක් ලෙසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ද ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 65% ක් ලෙස වාර්තා වන අතර කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 64% කි.
ඊට අමතරව මහනුවර 62%, ගාල්ල 64, මාතර 64%, හම්බන්තොට 60%, වන්නි 65%, මඩකලපුව 61%, දිගාමඩුල්ල 62%, ත්‍රීකුණාමලය 67%, පුත්තලම 56%, අනුරාධපුරය 65%, පොළොන්නරුව 65%, මොනරාගල 61%, රත්නපුර 65% සහ කෑගල්ල 64% ක් ලෙස ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත වාර්තා වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart