
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ අංශයේ අධ්යක්ෂ ශානි අබේසේකර එම තනතුරුවලින් ඉවත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකට බලකරමින් මහජන පෙත්සමකට අත්සන් ලබාගැනීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එහි හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර යන අය 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ විමර්ශනයට රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ (ගම්මන්පිල විසින් මහජනතාවට නිකුත් කරන ලද) විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් සකස්කරන ලද වාර්තාව ඔස්සේ චෝදනාවට ලක්ව ඇති බව ගම්මන්පිල මීට පෙර ජනමාධ්‍ය හමුවේ පැවැසීය.
“අපිට මේ කාරණය සම්බන්ධයෙන් නඩුවක් ගොනුකළ හැකියි, නමුත් අපි තවමත් අදාළ නීති උපදේශන ලබාගැනීම අවසන් කර නැහැ. එතෙක් අපි ඔවුන් (සෙනෙවිරත්න සහ අබේසේකර) ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට බලකරන මහජන පෙත්සමකට අත්සන් කරනවා.”යැයි ගම්මන්පිල The Daily Morning වෙත පවසා ඇත.
ගම්මන්පිල මීට පෙර හෙළිකළ, රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ කමිටුව, පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව රහස් පොලිසිය ඇතුළු පොලිසියේ සහ රාජ්‍ය බුද්ධි අංශවල සිදුවූ බව කියන අතපසුවීම් විමර්ශනය කළේය.
එම වාර්තා නිකුත් කිරීමට ගම්මන්පිල විසින්, තමා ඉදිරි මැතිවරණයට තරගවදින මනාප අංකයට සමාන දින ගණනක් ආණ්ඩුවට ලබාදෙන බව බව පවසමින් ජනමාධ්‍ය ඔස්සේ සැලකිවයුතු ප්‍රසිද්ධියක් ලබාගත්තේය.
කෙසේවෙතත් ආණ්ඩුව නියමිත කාලසීමාවේ කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ පසු ගම්මන්පිල එක් වාර්තාවක් නිකුත් කළ අතර අනෙක් වාර්තාව අද (28) නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart