
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආනයනික භාණ්ඩ කිහිපයක බදු ඉහළ දැමූ බවට පළවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් නිකුත්කර තිබේ.
2024 ඔක්තෝබර් 14 සිට දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන පරිදි ඇතැම් ආනයනික භාණ්ඩ සඳහා බදු වැඩිකර ඇති බව වාර්තා වීමෙන් පසුව මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පිළිබඳ පෙර ගැසට් පත්‍රය ඔක්තෝබර් 13 දිනෙන් අවසන් වූ අතර, එම ගැසට් පත්‍රය 2024 ඔක්තෝම්බර් 14 දින අලුත් කිරීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ආනයනික පරිප්පු සඳහා ශත 25ක් ලෙස නියම කර ඇති සහනදායී බද්ද අනෙකුත් නිෂ්පාදන හතර සඳහා වන ගාස්තු සමඟ නොවෙනස්ව පවතින බව අමාත්‍යාංශය යළි තහවුරු කරයි.
මෙම දිගුව සැලසුම් කර ඇත්තේ ධීවර කර්මාන්තය සහ පලතුරු වගාව වැනි දේශීය කර්මාන්ත සඳහා සහාය වන අතරම විදේශ විනිමය ගැටළු ද සළකා බැලීම සඳහා ය.
පරිප්පු සහ උම්බලකඩ වැනි භාණ්ඩ කිහිපයක් සඳහා රජය අලුතින් බදු පැනවූ බවට ඊයේ පෙරවරුවේ ජනමාධ්‍ය ඔස්සේ ප්රවෘත්ති පළවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart