
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට වත්මන් ආණ්ඩුව ද එකඟ නොවන බව කැබිනට් ප්රකාශක ඇමැති විජිත හේරත් පවසයි.
ඒ අනුව අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව ද ඊට විරුද්ධ බවත් එම යෝජනාවේ ශ්රී ලංකාවට අහිතකර යෝජනා ඇති බව වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය බවත් ඔහු සඳහන් කළේය.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සම්බන්ධව ගනු ලැබූ තීරණ පිලිබඳ හෙළිකරමින් මේ වන විට පැවැත්වෙමින් තිබෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී ඇමැති හේරත් මේ බව සඳහන් කළේය.
මහ මැතිවරණයෙන් පසු නව ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා තවදුරටත් පියවර ගන්නා බව ද ඔහු එහිදී ප්රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart