
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සතියක් පුරා පැවති නඩු විභාගයකින් පසු තම පුත්‍රයා ගිනිඅවි අපරාධ සම්බන්ධ චෝදනාවකට වැරදිකරු කිරීමට ජූරි සභාවක් ගත් තීරණයට ගරු කරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසීය.
54 හැවිරිදි හන්ටර් බයිඩ්න්, 2018 දී ගිනිඅවියක් මිල දී ගැනීමේදී පෝරමයකට ඔහුගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන සාවද්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් විනිසුරුවරුන් 12 දෙනකුගෙන් සමන්විත ජූරි සභාවක් විසින් ඔහු වරදකරු ලෙස තීරණය කර තිබේ.
එම තීන්දුවෙන් පසු හන්‍ටර් බයිඩ්න් සිරගත කිරීමට ඉඩ ඇති බව පැවසේ.
එසේ වුවහොත් එම සිදුවීම වාර්තා වන්නේ ධූරයේ සිටින අමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ පුත්‍රයකු අපරාධ නඩුවක් සඳහා වරදකරුවකු වූ පළමු අවස්ථාව ලෙසයි.
හන්ටර් බයිඩ්න් ඔහුට එරෙහිව එල්ල වූ සාපරාධී චෝදනා තුනම සම්බන්ධයෙන් වරදකරු වී තිබීම ද විශේෂත්වයක්.
ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා මෙලෙස අපරාධ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූයේ ජෝ බයිඩ්න් එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු සිදුකරන පසුබිමක් තුළදීයි.
ඔහුගේ මැතිවරණ ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ද අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඉකුත් දා නිව්යෝර්ක්හි අධිකරණයකදී වරදකරු කෙරිණි.
හන්ටර් බයිඩ්න්ගේ නඩු විභාගය පැවැති ඩෙලවෙයාර් අධිකරණය වෙත ජනාධිපති ජෝ බයිඩ්න් නොපැමිණි බව වාර්තා වේ.
එහෙත් ජනාධිපති ආර්යාව වන ජිල් බයිඩ්න් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් රැසක් ඒ සඳහා පැමිණි බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart