
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා සහ ඔහුගේ බිරිඳ ඇතුළු තවත් පුද්ගලයන් 9 දෙනකු ඔවුන් ගමන් කළ ගුවන් යානය චිකන්ගාවා කඳුවැටියේදී කඩාවැටීමෙන් මියගිය බව මලාවි රජය අද ප්‍රකාශ කළේය.
ඒ අනුව ජනාධිපති ලාසරස් චක්වේරා අද දිනය එරටට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
“අවාසනාවන්ත ලෙස යානයේ සිටි සියල්ලන්ම අනතුරෙන් මියගොස් ඇත” යනුවෙන් ජනාධිපති කාර්යාලය සහ කැබිනට් මණ්ඩලය අද උදෑසන නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.
මලාවි රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ පිහිටි කඳුකරයේ වනාන්තර ප්‍රදේශයක දිනකට වැඩි කාලයක් සෝදිසි මෙහෙයුමකින් පසුව මෙම තහවුරු කිරීම සිදුවිය.
උප ජනාධිපතිවරයා ගමන්ගත් හමුදා ගුවන් යානයට අනතුරට ලක්ව ඇත්තේ ඊයේ උදෑසන එරට අගනුවර වන ලිලොන්ග්වේ සිට ගුවන් ගත වූ පසුවය.
මලාවි හි උප ජනාධිපති 51 හැවිරිදි වියේ පසුවූ චිලිමා සහ අනෙකුත් මගීන් රටේ හිටපු නීතිපතිවරයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට යමින් සිටියදී ඔවුන්ගේ ගුවන් යානය රේඩාර් පද්ධතියෙන් ඉවත් වී ගොස් තිබේ.
දුර්වල දෘශ්‍යතාව හේතුවෙන් අගනුවරට සැතපුම් 200ක් පමණ උතුරින් පිහිටි Mzuzu ගුවන් තොටුපළට යානය ගොඩබෑමට නොහැකි වූ බවත්, යානයට නැවත ලිලොන්ග්වේ වෙත පැමිණෙන ලෙස නියමුවාට උපදෙස් දී ඇති බවත් ගුවන් ගමනාගමන නිලධාරීන් පවසා ඇත.
51 හැවිරිදි චිලිමා, ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි තරඟකරුවෙකු ලෙස දක්නට ලැබිණි.
තරමක් ආන්දෝලනාත්මක චරිතයක් වූ ඔහු 2022 දී බද්ධ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබුවේ රජයේ කොන්ත්‍රාත්තු සඳහා ව්‍යාපාරිකයකුගෙන් මුදල් ලබාගත් බවට වන වාර්තා මධ්‍යයේ ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart