
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රතිකාර ගැනීමට රෝගියකු රැගෙන පැමිණි පිරිසක් ලෙස හැසිරෙමින් සීදූව අමන්දොළුවේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට කඩාවැදුණු තිදෙනකුගෙන් සමන්විත කොල්ල කල්ලියක් වෛද්‍යවරයාට සහ හෙද නිලධාරිනියට පිහි පෙන්වා රුපියල් ලක්ෂ 08කට අධික දේපළ කොල්ලකා පළාගොස් ඇත.
මෙම කොල්ලය සිදුව ඇත්තේ පසුගිය 08 වැනිදා රාත්‍රී 10.00ත් 11.30ත් අතර කාලය තුළදී බව සීදූව පොලිසිය සඳහන් කළේය.
මුලින්ම කොල්ල කල්ලිය විසින් හෙද නිලධාරිනිය බියගන්වා ඇගේ ගෙළ බැඳි රන් මාලයත් වළලු දෙකත් අත් පළඳනාවත් කොල්ලකා ඇති බව පොලිසිය කියයි.
අනතුරුව ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර මඟින් උපයා තිබුණු රුපියල් 35,000ක මුදලක් සමඟ වෛද්‍යවරයා සතුව තිබුණු ජංගම දුරකතනයද කොල්ලකා පළාගොස් තිබේ.
මේ ආකාරයටම මෑතකදී බඩල්ගම පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක්ද කොල්ලකා තිබිණි.
පොලිසිය සැක කරනුයේ මෙම වෛද්‍ය මධස්ථාන දෙකම කොල්ලකා ඇත්තේ එකම කණ්ඩායමක් විසින් බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart