
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවුරුදු හැත්තෑහතක් වයස සිය මිත්තණියට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 15ක් වයසැති මුණුබුරා අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කඩුවෙල, කොරතොට, ගලබඩවත්තේ එම්. විමලාවතී නමැති කාන්තාවකි.
අත්අඩංගුවට ගැනුණු දරුවා පාසල් සිසුවකු වන අතර ඔහු කාලයක සිට කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන්නකු බව පොලිසිය කියයි.
මෙම සිසුවා ක්ෂණික කෝපයට පත් වී සිය මිත්තණියට පිහියකින් ඇනීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
නවගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. (ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart