
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විධායක ජනාධිපතිවරයාගේ සමාවේ විෂය පථයට අදාළ තවත් සුවිශේෂී තීන්දුවක් ලබාදෙමින්, රෝයල් පාක් ඝාතනයේ චූදිත දොන් සාමන්ත ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අත්තනෝමතික බවත් එය වලංගු නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
ඒ අනුව සාමන්ත ජූඩ් ඇන්තනි ජයමහට ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන පිළිනොපැදීම හේතුවෙන් ඔහුට ලබාදී තිබූ ජනාධිපති සමාව ඉවත් කිරීමට එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ..
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉහත වගඋත්තරකරුට ජනාධිපති සමාව ලබා දීමේදී පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් සහ මහජන විශ්වාසය කඩ කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.
රෝයල් පාර්ක් ඝාතන චූදිතයාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති සිරිසේන ගත් තීරණයේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක් කරමින් කාන්තා සහ මාධ්‍ය සාමූහික සංවිධානය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.
මෙම තීන්දුව සැළකිල්ලට ගනිමින් ජූඩ් ජයමහට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතියට අනුව අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බලධාරීන්ට නියෝග කළේය.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ නීතිඥ රුක්ෂාන් සේනාධීර සහ රන්මලී මීපාගල පෙනී සිටියහ.
වින්දිතයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙනී සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙනී සිටියේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනී සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ පෙනී සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart