
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිපති සංජය රාජරත්නම්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිර්දේශ කරන ලද සේවා දිගුව පිළිබඳ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මීළඟ සැසිවාරයේ දී සළකා බැලීමට නියමිතව තිබේ.
මේ මස අගදී විශ්‍රාම යෑමට නියමිත ජනාධිපති නීතිඥ රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති බව පසුගිය සතියේ අගභාගයේදී වාර්තා විය.
පසුගිය අඟහරුවාදා (4) රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර එය අනුමත කරන්නේද යන්න තීරණය කිරීමට නියමිතව තිබිණි.
ජනාධිපති නීතිඥ රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයාගෙන් නිර්දේශයක් ලැබී ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තහවුරු කර තිබේ.
කෙසේවෙතත්, එය අනුමත කරනවාද නැද්ද යන්න පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණයකට එළඹ නොමැති බවත් මීළඟ රැස්වීමේදී අවසන් තීරණයකට එළඹීමට නියමිත බවත් වාර්තා වේ.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සහ නීතිමය කටයුතුවලට සම්බන්ධ වීම හේතුවෙන් ජනාධිපති නීතිඥ රාජරත්නම්ට සේවා දිගුවක් නිර්දේශ කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
කතෝලික රදගුරු සම්මේලනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඇතුළුව නීතිපතිවරයා සැළකිව යුතු කාර්යභාරයක් ඉටු කරන කාරණය පිළිබඳ ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් පිරිසකට ප්‍රකාශකර ඇති බව ද අවාර්තා විය.
කෙසේවෙතත්, කතෝලික ගිහි සංවිධාන එකමුතුව වත්මන් නීතිපතිවරයාට දිය හැකි ඕනෑම සේවා දිගුවක් සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර ඇත.
පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාමූහිකයේ විධායක කමිටු සභික නීතිඥ මනෝජ් නානායක්කාර කියා සිටියේ වික්‍රමසිංහගේ සහ රජයේ අභිමතය පරිදි කටයුතු කරන බැවින් ඔවුන් නීතිපතිවරයා රඳවා ගැනීමට උනන්දු වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart