
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අලව්ව, කටුපොත වජිරවත්ත ප්‍රදේශයේදී නීත්‍යනුකූල නොවන අයුරින් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අලව්ව පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලව්ව පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු (57) සහ කොස්තාපල්වරයකි (47).
2010 වසරේ ජූලි මස දිනෙක මෙම නිලධාරීන් දෙදෙනා අලව්ව පොලිසියේ අපරාධ අංශයේ සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් සමග කටුපොත වජිරවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු නීත්‍යානුකූල නොවන ආකාරයෙන් අත්අඩංගුවට ගෙන සිටි බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අයුතු ලෙස සිරකර තැබීමෙන් පසු එම පුද්ගලයා අතුරුදන් කර ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වීමෙන් අනතුරුව සැරයන්වරයාත් කොස්තාපල්වරයාත් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් පරිදි සමූහ මංකොල්ල විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart