
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයිනේ විවිධ ප්‍රදේශවලට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් රට තුළ බෝවන රෝග ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බව කොළඹ මහ නගර සභාව පවසයි.
ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම මීට ප්‍රධාන හේතුව බව පෙන්වා දී ඇත.
කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්.ඒ.එස්.ජී. රත්නවර්ධන ජනමධ්‍ය වෙත පවසා ඇත්තේ, හැකි සෑම විටම උණුකර නිවාගත් ජලය පානය කිරීමට වග බලා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
දැනට පවතින ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම හේතුවෙන් පාචනය, ලෙප්ටොස්පයිරෝසිස් (මී උණ) වැනි බෝවන රෝග ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බව ඇය ප්‍රකාශ කර ඇත.
එමනිසා, හැකි සෑම විටම උණුකර නිවා ගත් හෝ බෝතල් කළ ජලය පානය කිරීම ඉතා යෝග්‍ය වේ.
ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, “පරිභෝජනයට පෙර පළතුරු සහ එළවළු හොඳින් සෝදා ගන්න. මෙම කාලය තුළ අමු එළවළු සහ පළතුරු අනුභව කිරීමෙන් වැළකී සිටීම ද වඩාත් සුදුසුයි” යනුවෙනි.
ළිං වැනි ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මග පෙන්වීම යටතේ සිදුකිරීම වඩාත් යෝග්‍ය බව ද මහ නගර සභාව පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart