
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුලියන්කුලම ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසකට කඩා වැදීමෙන් පුලියන්කුලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
සිද්ධිය වන අවස්ථාවේ ජීප් රථය පදවා ඇත්තේ පුලියන්කුලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ඉදුනිල් ගුණසේකර බව වාර්තා වේ.
ජීප් රථය නිවස අසල නවතා තිබූ විදුලි කණුවක සහ යතුරුපැදියක ගැටී තිබේ.
තුවාල ලැබූ නිලධාරීන් පළමුව නෙඩුන්කේනි රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු පසුව මුදාහැර ඇති අතර, එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා වවුනියාව මහ රෝහල වෙත මාරුකර යවා ඇත.
අනතුරින් ජීප් රථයට සැළකිව යුතු අලාභ හානි සිදුවී ඇත.
හුස්ම පරීක්ෂාවකින් අනතුරුව ස්ථානාධිපතිවරයා නෙඩුන්කේනි අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වෙත ඉදිරිපත් කර ඇත්තේ ඔහු රිය පැදවීමේදී බීමත්ව සිටියේද යන්න සොයාබැලීම සඳහාය.
බීමතින් සිටි බවට කිසිදු සාක්ෂියක් හමුවී නොමැති අතර අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් නෙඩුන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart