
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන පර්යේෂණ නෞකාවක් මාලදිවයිනට ලගා වී තිබීම සම්බන්ධයෙන් ඉන්දියාව සෝදිසියෙන් සිටින බව ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසයි.
එමෙන්ම සිය රටේ ජාතික හා ආර්ථික ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
“මෙම වර්ධනයන් විශේෂයෙන්ම අපගේ අසල්වැසි ප්‍රදේශවල සහ ඉන් ඔබ්බට අදාළ වන බැවින් අපගේ ජාතික ආරක්‍ෂාවට, අපේ ආර්ථික ආරක්‍ෂාවට බලපාන මේ සියලු වර්ධනයන් පිළිබඳව අපි විමසිල්ලෙන් සිටිනවා.”
“එමෙන්ම ආරක්‍ෂාව වෙනුවෙන් ඕනෑම සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නවා,” යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මාධ්‍ය හමුවකදී පැවසීය.
“මේවා අපි සමීපව තබාගෙන අපගේ පැත්තට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා වර්ධනයන් ලෙසයි” ඔහු වැඩිදුරටත් පැවසීය.
චීන සමුද්‍ර පර්යේෂණ යාත්‍රාවක් වන Xiang Yang Hong 3 මාලදිවයිනේ මුහුදට පැමිණ, මාස දෙකක් ඇතුළත යළිත් එහි දෙවන සංචාරය සනිටුහන් කර තිබේ.
යාත්‍රාව තිලෆුෂි කාර්මික දූපතේ වරායේ නැංගුරම් ලා තිබෙනු නිරීක්ෂණය කරන ලද නමුත් එය ආපසු පැමිණීමට නිශ්චිත හේතුව මාලදිවයිනේ රජය විසින් අනාවරණය කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart