
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වර්ෂාවත් සමග හමාගිය අධික සුළඟකින් ගස් කඩාවැටීම නිසා යතුරුපැදි දෙකක ගමන්ගත් මාදම්පේ සහ මාරවිල ප්‍රදේශවල කාන්තාවන් දෙදෙනකු ඊයේ 22 වැනිදා උදෑසන මරුමුවට පත්ව ඇතැයි මාරවිල සහ මාදම්පේ පොලිසි පවසයි.
මියගොස් ඇත්තේ, මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ, නිසංසලා සරෝජනී නමැති, 39 හැවිරිදි රසායනාගාර සේවිකාවක වන, එක්දරු මවක සහ නාත්තන්ඩිය මැදගොඩ මුට්ටිබැඳිවිල ප්‍රදේශයේ, 36 හැවිරිදි හංසි ඉෂාරා ලංකා නමැති කාන්තාවකි.
හංසි නමැති කාන්තාව පදවාගෙන ගිය යතුරු පැදියේ පිටුපස අසුනේ වාඩි වී ගමන්ගත් ඇයගේ පියා වන අවුරුදු හැටක් වයස ගුණරත්න බණ්ඩා
ද මෙහිදී බරපතළ තුවාල ලබා මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.
මියගොස් සිටින නිසංසලා ගල්මුරුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රසායනාගාරයක සේවය කරන තැනැත්තියකි.
ඊයේ උදෑසන සේවා ස්ථානයට යෑමට කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ඇති වූ වර්ෂාවක් නිසා සුදුවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක් ආසන්නයේ ඇති ගසක් යට නතර වී ඇතැයි මාදම්පේ පොලිසිය කියයි.
ඒ අවස්ථාවේ හමා ගිය දැඩි සුළඟකින් එම ගසේ අත්තක් කඩා වැටී තිබෙන බව පොලිසිය පවසයි.
රෝහලට රැගෙන එන විටත් ඇය මියගොස් සිටියේ යැයි මාදම්පේ රෝහලේ වෛද්‍යවරයෙක් පැවැසීය.
හංසි නමැති කාන්තාව සිය පියා පිටුපස අසුනේ වාඩි කරවාගෙන යතුරුපැදිය පදවාගෙන එමින් සිටියදී පිලාකටුමුල්ල ගම්පහවත්ත ප්‍රදේශයේදී ඔවුන් ගමන්ගත් යතුරුපැදිය මතට කොස් ගසක අත්තක් කඩාවැටීමෙන් දෙදෙනාම බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
දෙදෙනාම මාරවිල මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා කාන්තාව මියගොස් ඇති බව දැනුම් දුන්නේ යැයි මාරවිල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් කීය.
මාරවිල මූලස්ථාන පොලිසියේ සහ මාදම්පේ පොලිසියේ නිලධාරීහු කණ්ඩායම් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart