
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔත්තු බලන බවට චීනයට එල්ල වන චෝදනා හේතුවෙන් බාධා එල්ල වූ චීන – බ්‍රිතාන්‍ය සබඳතා තවදුරටත් පළුදු වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සඳහා ආසන්නතම හේතුව බවට පත්වී ඇත්තේ හොංකොං ඔත්තු සේවයට සහාය වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිසිය පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමයි.
මෙම සිද්ධියත් සමග බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය විසින් කරුණු විමසීමක් සඳහා බ්‍රිතාන්‍යයේ චීන තානාපතිවරයා කැඳවා ඇතැයි වාර්තා වේ.
සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු චීන තානාපති Zheng Zeguang සිය විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයට කැඳවූ බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේය.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පැවසුවේ බ්‍රිතාන්‍යයට එරෙහි චීනයේ මෑත කාලීන හැසිරීම් රටාව කිසිසේත් පිලිගත නොහැකි බවයි.
වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් තිදෙනාට චීනයේ විශේෂ පරිපාලන කලාපයක් වන හොංකොං සඳහා බුද්ධි තොරතුරු රැස් කිරීම සහ බ්‍රිතාන්‍යයේ නේවාසික ලිපිනයකට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
ඔවුන් අවුරුදු 37, 38 සහ 63 යන වයස් කාණ්ඩවල පසුවන බව ද බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය තහවුරු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart