
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිවානයේ ජනාධිපති ලෙස තේරී පත් වූ Lai Ching- te ගේ පදවි ප්‍රාප්තිය මේ මස 20 වනදාට යෙදී තිබේ.
එය කඩාකප්පල් කිරීමට චීනය උත්සාහ කළ හැකි බව තායිවාන පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව චීනයේ පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂය තායිවානයේ වෙබ් අඩවි සහ විද්‍යුත් දැන්වීම් පුවරුවලට අනවසරයෙන් ඇතුළු වීමට හැකි බවත්, දකුණු දිග විදුලිබල පද්ධතිය කඩාකප්පල් කිරීමට හැකි බවටත් සැක මතුව ඇතැයි එම පුවත් සේවය පවසයි.
එමෙන්ම තායිවාන මාධ්‍ය පවසන්නේ ජනවාරි මාසයේ පැවැති මහ මැතිවරණයෙන් පසුව චීනය තායිවානයට සහ පාලක ඩිමොක්‍රටික් ප්‍රගතිශීලී පක්ෂයට එල්ල කරන පීඩනය තීව්‍ර කර ඇති බවයි.
නව ජනාධිපතිවරයා සිය පදවි ප්‍රාප්තියට සමගාමීව ජාතිය අමතා සිදු කරන කතාව සම්බන්ධයෙන් චීනයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
විලියම් ලායිගේ සමාරම්භක කතාවේ අන්තර්ගතය පිළිබඳව චීනය සෑහීමකට පත් නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගත හැකි බව ද පැවසේ.
එමෙන්ම තායිවාන ආර්ථිකය වෙත වැඩි පීඩනයක් එල්ල කිරීම ද චීනයේ අපේක්ෂාව වී ඇත.
ඒ අනුව ආර්ථික සහයෝගිතා රාමු ගිවිසුම (ECFA) යටතේ නිශ්චිත අයිතම සඳහා තීරුබදු අඩු කිරීම් අත්හිටුවීමේ අවදානමක් ද පවතී.
කෙසේවෙතත් තායිවානය මේවනවිටත් චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැක කෙරෙන ව්‍යාපාරිකයන් සහ විශ්‍රාමික නිලධාරීන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත.
චීනය පවසන්නේ තායිවානය යනු සිය රටේම කොටසක් බවයි.
එහෙත් තායිවානය එය දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart