
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන විදේශීය සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව පවත්වාගත යුතු “ඉතුරුම් මුදල” යළි වැඩිකිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.
එසේම ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළිදරව් වුවහොත් දැඩි පියවර ගන්නා බවද ඕස්ට්‍රේලියානු රජය පවසයි.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ඕස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇත්තේ එරටට පැමිණෙන සංක්‍රමණයිකයන් සංඛ්‍යාව අඩුකිරීම වෙනුවෙනි.
ඒ අනුව අනිද්ද (10) සිට විදේශීය සිසුවකු ඕස්ට්‍රේලියානු වීසා වෙනුවෙන් අයැදුම් කිරීමට සිය ඉතුරුම් ගිණුමේ ඕස්ට්‍රේලියානු ඩොලර් 29,710 ($19,576)ක් පවතින බවට තහවුරු කළ යුතුව ඇත.
පසුගිය ඔක්තෝබර් මාසයේදී එම මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් 21,041 සිට 24,505ක් දක්වා ඉහළ දැමිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart