
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පකිස්තානයේ තම ජාතිකයින්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාර සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව සිටින චීනය, ආරක්ෂක ගැටළු වලට මුහුණ දීම සඳහා සිය ආරක්ෂක නිලධාරීන් පකිස්තානය තුළ යෙදවීමට පකිස්තාන රජයෙන් අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
නවාස් ෂරීෆ් අගමැති ලෙස සිටි 2016 දී පකිස්තානය චීනයේ ආරක්ෂක ඉල්ලීම පිළිගැනීමට ආසන්නව සිටි බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, එවකට රහීල් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන හමුදාව මැදිහත් වී චීන පක්ස්තාන ආර්ථික කොරිඩෝවේ ව්‍යාපෘති ආරක්ෂා කිරීම සඳහා 12,000 ක පමණ පිරිසක් සමඟ නව හමුදා ඒකක පිහිටුවන ලදී.
එහෙත් එතැන් සිට චීන කම්කරුවන්ට එරෙහි ප්‍රහාර ඵලදායී ලෙස වැළැක්වීමට මෙම ඒකක අසමත් වී ඇත.
පකිස්ථානයේ තීරනාත්මක යටිතල පහසුකම් ගොඩනඟන සහ සහය දීමේ කටයුතුවල නිරතව සිටින සිය කම්කරුවන් 1,200ක් සඳහා චීනයට ආරක්‍ෂාව අවශ්‍ය වේ.
දිගින් දිගටම සිය පුරවැසියන්ට එල්ල වන ප්‍රහාර හමුවේ, චීනය සිය ආරක්ෂක නිලධාරීන් යෙදවීමට ඉඩ දෙන ලෙස පකිස්තානයෙන් ඉල්ලා ඇත.
නමුත් පකිස්ථානය ඊට තවමත් එකඟ වී නොමැති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart