
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය සහ පිලිපීනය අතර දකුණු චීන මුහුදේ පවතින අර්බුධය තවදුරටත් තීව්‍ර වී තිබේ.
ඒ ඉකුත් අඟහරුවාදා චීනය, පිලිපීනය දකුණු මුහුදු සීමාවේ සිදු කළ මෙහෙයුම් කටයුත්තක් කඩාකප්පල් කිරීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය පවසයි.
එම මාධ්‍ය වාර්තා පවසන පරිදි දකුණු චීන මුහුදේදී චීනයේ වෙරළාරක්ෂක යාත්‍රා හතරක් මගින් පිලිපීන යාත්‍රා දෙසට ජල ප්‍රහාර එල්ල කර තිබේ.
පිලිපීන ධීවර හා ජලජ සම්පත් කාර්යාංශයේ නිලධාරියෙකු පැවසුවේ එහිදී චීන යාත්‍රා පිලිපීන යාත්‍රාවලට අවස්ථා 08 කදී ජල ප්‍රහාර එල්ල කර ඇති බවයි.
විදෙස් මාධ්‍ය පවසන පරිදි පිලිපීනය, අමෙරිකාව සමඟ ඒකාබද්ධ අභ්‍යාසයක් සිදු කෙරෙන පසුබිමක් තුළ චීනය එලෙස පිලිපීනය යාත්‍රා සඳහා ජල ප්‍රහාර එල්ල කර ඇත.
ප්‍රහාරයෙන් එක් යාත්‍රාවකට හානි සිදුව ඇතැයි ද පිලිපීනය චෝදනා කර ඇත.
මතභේදාත්මක ස්කාර්බරෝ ෂෝල් ප්‍රදේශය තුළදී චීනයෙන් එල්ල වන බලපෑම් ඉහළ බව ද පිලිපීනය චෝදනා නගයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart