
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සම්බන්ධ නඩුවක් සඳහා ජනප්‍රිය දකුණු ඉන්දීය නිළි තමන්නා භාටියාගේ නම ඈඳී තිබේ.
ඒ අනුව එම නඩුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඇය මහාරාෂ්ට්‍ර සයිබර් අපරාධ විමර්ශන අංශය විසින් විසින් සාක්ෂිකාරියක් ලෙස කැඳවා ඇති බව ආරංචි මාර්ග පවසයි.
ප්‍රශ්න කිරීම සඳහා අප්‍රේල් 29 වැනිදා ප්‍රශ්න පෙනීසිටින ලෙස ද ඇයට දන්වා ඇත.
එමෙන්ම මෙම නඩුවට අදාළව සංජේ දත්ගේ නමද ඈඳී ඇතැයි ද වාර්තා වේ.
ප්‍රශ්න කිරීම සඳහා මෙම සතිය මුලදී පෙනී සිටින ලෙස ඔහුට ද දන්වා තිබිණි.
කෙසේවෙතත් කාර්යය බහුලත්වය හේතුවෙන් ඔහුට නියම කළ දිනයේ පෙනීසිටීමට නොහැකි වූ අතර නව දිනයක් ඉල්ලා තිබේ.
මීට පෙර සංජේ දත්ට පොලිසියේ පෙනීසිටීමට දන්වා තිබුණේ අප්‍රේල් 23 වැනිදායි.
තමන්නා සහ සංජේ දත් FairPlay හි අනුබද්ධ යෙදුම වන Mahadev ඔට්ටු ඇල්ලීමේ යෙදුම ප්‍රවර්ධනය කර අනුමත කළ බව කියනු ලැබේ.
ඊට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් 20 දෙනකුට වැඩි පිරිසක් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ළඟදීම කැඳවීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart