
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය මහ මැතිවරණයේ දෙවන අදියරේ දී ප්‍රාන්ත 13 ක මැතිවරණ කොට්ඨාස 88 ක ඡන්දය ප්‍රකාශ කිරීම අද උදෑසන ආරම්භ විය.
ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන ලක්ෂ 1.67 ක ඡන්ද දායකයින් කෝටි 16 කට ආසන්න පිරිසක් අද සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇති.
පිරිමි පුද්ගලයින් 1,098 ක්, කාන්තාවන් 102 ක් සහ සංක්‍රාන්ති ලිංගික තරඟකරුවන් දෙදෙනෙකු ඇතුළුව අපේක්ෂකයින් 1,202 ක් අපේක්ෂින් ලෙස ඉදිරිපත්ව සිටියි.
කේරලයේ සියලුම පාර්ලිමේන්තු ආසන 20, කර්නාටකයේ ආසන 28 න් 14, රාජස්ථානයේ ආසන 13, මහාරාෂ්ට්‍ර සහ උත්තර් ප්‍රදේශ් හි ආසන 8 බැගින්, මධ්‍ය ප්‍රදේශ්හි ආසන හයක්, ඇසෑම් සහ බිහාර් හි ආසන පහ බැගින්, චත්තිස්ගාර් සහ බටහිර ආසන තුන බැගින් බෙංගාලය සහ මනිපූර්, ත්‍රිපුර සහ ජම්මු සහ කාශ්මීරයේ ආසන එක බැගින් අද දිනයේ ඡන්ද විමසීම සිදු කෙරේ.
මධ්‍ය ප්‍රදේශ්හි බෙතුල් හි ඡන්ද විමසීම ද අප්‍රේල් 26 වැනිදා පැවැත්වීමට ද නියමිතව තිබූ නමුත් එය බහුජන් සමාජ් පක්ෂයේ අපේක්ෂක අශෝක් බලවිගේ අභාවයෙන් පසු මැයි 7 වැනිදා තුන්වන අදියර වෙත මාරු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මිලියන 900 ක ජනතාවක් මෙවර ඉන්දීය මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියි.
එම සංඛ්‍යාව යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ ජනගහනයට වඩා විශාල සංඛ්‍යාවක්.
ලොව දැවැන්තම ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ ක්‍රියාවලිය වන ඉන්දීය මහ මැතිවරණය අදියර හතකින් 2019 අප්‍රේල් 11 සිට මැයි 19 දක්වා ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක දී පැවැත්වේ.
ඡන්ද ගණන් කිරීම මැයි 23 වන දින සිදු කෙරෙන අතර එදිනම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යනු ඉන්දියාව පාලනය කරන මධ්‍යම දේශපාලන යාන්ත්‍රණයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart