
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව සහ ඉරානය සහයෝගීතාව පිළිබඳ ගිවිසුම් පහකට ඊයේ (24) කොළඹදී අත්සන් තැබීය.
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ එම ගිවිසුම් සඳහා අත්සන් කිරීම සිදු විය.
එම ගිවිසුම් අතරට ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය සහ ඉරානයේ ජාතික පුස්තකාලය සහ ලේඛනාගාරය අතර සහයෝගිතා ගිවිසුමක ඇතුළත් වේ.
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සහ ඉරානයේ සංස්කෘතික හා ඉස්ලාමීය මාර්ගෝපදේශන අමාත්‍යාංශය අතර චිත්‍රපට කර්මාන්තයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්රයේ සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙහිදී සිදුවිය.
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සංස්කෘතික, විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගීතාව, ජනමාධ්‍ය, යෞවන සහ ක්‍රීඩා සඳහා වූ වැඩසටහන පිළිබඳ ගිවිසුම ක් සඳහාත් ශ්‍රී ලංකා ජාතික සමුපකාර සභාව සහ ඉරාන සමුපකාර මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart