
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරු කොරියාව සිය “න්‍යෂ්ටික ප්‍රේරක” පද්ධතියේ පළමු අත්හදා බැලීම ඊයේ සිදුකර තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් එම අභ්‍යාසය අධීක්ෂණය කර ඇති බව එරට රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය අඟහරුවාදා වාර්තා කර තිබිණි.
සතුරන්ට අනතුරු ඇඟවීමක් ලෙස න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාරයක් අනුකරණය කිරීම මෙම අත්හදා බැලීමේ ප්රමුඛ අරමුණ බව පැවසේ.
මෙම අභ්‍යාස මගින් උතුරු කොරියාවේ “න්‍යෂ්ටික ප්‍රේරක” කළමනාකරණ පද්ධතිය ප්‍රථම වරට ප්‍රදර්ශනය කරන ලද බව ද නිල කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය වාර්තා කර ඇත.
උතුරු කොරියාවේ එම අත්හදා බැලීම ජපානය ද තහවුරු කළ අතර දකුණු කොරියානු හමුදාව ද පැවසුවේ උතුරු කොරියාව කෙටිදුර බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කළ බවයි.
අත්හදා බැලීමේදී උතුරු කොරියාව කිලෝමීටර් 352km පමණ දුරින් පිහිටි ඔවුන්ගේම දූපත් ඉලක්කයට පහර දුන් බව ද පැවසේ.
උපායශීලී න්‍යෂ්ටික ප්රහාරයක අත්හදා බැලීමේ ප්‍රතිඵලය පිළිබඳව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ඉතා තෘප්තිමත් බව ප්‍රකාශ කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසා ඇත.
අප්‍රේල් 12 වනදා සිට අප්‍රේල් 26 වන දා දක්වා පැවැත්වෙන අමෙරිකානු – දකුණු කොරියානු ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයකට ප්‍රතිචාරයක් වශයෙන් උතුරු කොරියාව එම න්‍යෂ්ටික ප්‍රේරක අභ්‍යාසය සිදු කර ඇතැයි ද සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart