
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියානු නව සංක්‍රමණ පනතක් නීතියක් බවට පත්කිරීමට එරෙහිව එරට සිටින සංක්‍රමණික ප්‍රජාවෙන් විරෝධතා එල්ලවන බව වාර්තා වේ.
අදාළ පනත සම්මත වුවහොත් තමා, තම මව සහ සහෝදරිය සිරගත කිරීමට හෝ නැවත ශ්‍රී ලංකාවට එවනු ඇති බවට තමන් භීතියෙන් පසුවන බව කැන්බරාහි වෙසෙන 19 හැවිරිදි කාන්තාවක් ඕස්ට්‍රේලියානු සෙනෙට් සභිකයන්ට දන්වා ඇතැයි එරට ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
තම පවුල සමඟ ශ්‍රී ලංකාවෙන් පළා ආ හෙද සිසුවියක වන 19 හැවිරිදි පියුමේතර්ෂිකා කනේෂන් ප්‍රකාශකර ඇත්තේ සිරගත කිරීමේ හෝ පිටුවහල් කිරීමේ දඬුවම දරාගත නොහැකි බරක් බවයි.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් සංක්‍රමණ නීතියට යෝජනා කර තිබෙන වෙනස්කම් “මානව හිමිකම් සමඟ සම්පුර්ණයෙන්ම නොගැළපෙන” අතර රජය එම පනත අත්හැරිය යුතු බව මානව හිමිකම් කණ්ඩායම් නීති සම්පාදනය පරීක්ෂා කරන අදාළ සෙනෙට් කමිටුවට ප්‍රකාශ කර තිබේ.
පිටුවහල් කිරීම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් වසර 1 සිට 5 දක්වා සිරගත කිරීමට ඉඩ සලසන නීති පසුගිය මාසයේදී ඕස්ට්‍රේලියානු රජය විසින් සම්පාදනය කරන ලදී.
“මෙම පනත නීතියක් බවට පත් වුවහොත් සිරගත විය හැකි පුද්ගලයන්ගෙන් එක්කෙනෙක් මම ,” යනුවෙන් කනේෂන් කමිටුව හමුවේ පවසා ඇත.
ඇබට් ආණ්ඩුවේ කඩිනම් ක්‍රමවේදය මගින් ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ ඉල්ලීම් සමාලෝචනය කිරීම මගින් දශකයකට පමණ පෙර නඩු අවසන් කර තිබූ ඉරාන සහ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් වෙනුවෙන් ඇය පෙනී සිටින බව ද ඇය මෙහිදී ප්‍රකාශ කර තිබේ.
“මේක තමයි අපේ ගෙදර, අපිට වෙන කිසිම ගෙයක් නෑ… අපේ ගෙවල් නැති කරන්න එපා.” යනුවෙන් ඇය සෙනට් කමිටුවෙන් ඉල්ලා තිබේ.
ඉරාන, කුර්දි, දකුණු සුඩාන සහ සිම්බාබ්වේ ප්‍රජාවන් ඇතුළු ඩයස්පෝරා කණ්ඩායම් කිහිපයක් නව පනත් කෙටුම්පත යටතේ ආගමන ඇමැතිවරයා වෙත පැවරෙන “පරීක්ෂා නොකළ” බලතලවලට විරුද්ධ වී තිබේ.
නීති සම්පාදනය පරීක්ෂා කරන සෙනෙට් කමිටුවක් ඉදිරියේ සාක්ෂි දෙමින් මානව හිමිකම් නීති මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ලෝරා ජෝන් ඇගේ ගැටලු ඉදිරිපත් කළ අතර පනත සම්මත නොකරන ලෙස කමිටුව නිර්දේශ කළ යුතු බව ද අවධාරණය කළාය.
මානව හිමිකම් නීති මධ්‍යස්ථානයේ වැඩබලන නීති අධ්‍යක්ෂිකා සන්මති වර්මා, කනේෂන් සාක්‍ෂි දෙන විට ඇය අසලින් අසුන්ගෙන් සිටි අතර ඇය පසුව වාර්තාකරුවන්ට පැවසුවේ පනත “සංක්‍රමණික සහ සරණාගත ප්‍රජාවන්ට එරෙහි ප්‍රහාරයක්” බවයි.
කනේෂන්ට බලපෑම් එල්ල විය හැකි බවට තමන් බිය වන බවත්, එවැනි ශක්තිමත් බලතල ලබා ගැනීමට ඇමැතිවරයා උත්සාහ කරන්නේ මන්දැයි යන්නත් ඇය ප්‍රශ්න කළාය.
කමිටුව හමුවේ මීට පෙර අදහස් දක්වමින් ආගමන ඇමැති ඇන්ඩෲ ගයිල්ස් ප්‍රකාශ කර තිබුණේ නීතියේ පවතින සිදුරු වැසීමට නීති සම්පාදනය අවශ්‍ය බවයි.
ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට තවත් නීතිමය විකල්ප නොමැති පුද්ගලයන් ඕස්ට්‍රේලියාවෙන් ඉවත් කළ හැකි ක්‍රම සම්බන්ධයෙන් රජයට ති අවස්ථා දැනට “ඉතා සීමිත” බැවින් සහ ඔවුන් මුලින් පැමිණි රටවල් ඔවුන්ගේ නැවත පැමිණීම පිළි නොගත් බැවින් බලය අවශ්‍ය බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart